කොන්වේට අවසන් ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

නවසීලන්ත පිතිකරු ඩෙවෝන් කොන්වේට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසක් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු හා ඔහුගේ බිරිද ඔවුන්ගේ පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින්.

ඒ අනුව ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග රැදී සිටීමේ අරමුණින් දෙවැනි ටෙස්ට් තරගය පැවැති වෙලින්ටන් නුවරම තවදුරටත් රැදී සිටීමට නියමිතව තිබෙනවා.

දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය ලකුණු 323 ක දරුණු පරාජයක් ලැබූ අතර, ඒ හේතුවෙන් ඔවුන් තරගාවලිය ද තරග 2-0 ක් ලෙස මේ වන විටත් පරාජයට පත්ව අවසන්.

කොන්වේ වෙනුවට මාර්ක් චැප්මන් ටෙස්ට් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, තෙවැනි ටෙස්ට් තරගය සදහා බොහෝ විට විල් යන්ග් ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා. ඉන්දීය සංචාරයේදී තරගාවලියේ වීරයා ලෙස ඔහු සම්මානයෙන් පිදුම් ලැබූ නමුත්, කේන් විලියම්සන්ගේ පැමිණීමත් සමග එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරග දෙක සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව යන්ග්ට අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...