හෙඩ්ගේ ශතකය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ඉන්දියාව දරුණු පරාජයක් අභියසට ඇද වැටෙයි

Date:

ට්‍රැවිස් හෙඩ්ගේ සුපිරි ශතකය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඇඩිලේඩ්හීදී පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(7) නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 128 ක් ලබා අසීරු තත්ත්වයක රැදී සිටි අතර, ඔවුන් ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් තවත් ලකුණු 29 ක් ලබා ගත යුතුයි.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුල්ලක් දැවී ලකුණු 86 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 337 ක්. ඒ, ඉන්දියාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 180 ට පිළිතුරු ලෙසයි.

විශිෂ්ඨ ශතකයක් වාර්තා කළ ට්‍රැවිස් හෙඩ් ලකණු 140 ක් ලබා ගත්තේ පන්දු 141 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 17 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මර්නස් ලබුෂේන් ලකුණු 64 යි.

පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් හා ජස්ප්‍රිට් බුම්රා කඩුලු 4 බැගින් බිද හෙලුවා.

ඉන්දීය දෙවැනි ඉනිම ආරම්භ කළ යශස්වි ජයිස්වාල් ලකුණු 24 කටත්, කේ එල් රාහුල් ලකුණු 7කටත් දැවි ගියා. ෂුබ්මන් ගිල් ලකුණු 28 කට දැවී ගියේ මිචෙල් ස්ටක්ගේ අනර්ඝ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

විරාත් කෝලි ලකුණු 11 කට දැවී ගිය අතර, නායක රෝහිත් ෂර්මා ලබා ගත්තේ ලකුණු හයක් පමණයි. රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 28 ක් හා නිටිෂ් කුමාර් රෙඩී නොදැවී ලකුණු 15 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේදී පැට් කමින්ස් හා ස්කොට් බෝලන්ඩ් කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, මිචෙල් ස්ටක් එක් කඩුල්ලක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...