කාසියේ වාසියට නොපැමිණි කැම්ප්බෙල්ට තරග තහනමක් පනවයි

Date:

Jamaica Scorpions කණ්ඩායමේ නායක, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෝන් කැම්ප්බෙල්ට තරග 4ක තහනමක් පැනවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, නොවැම්බර් 23 වැනිදා Barbados Pride කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ Super50 කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සදහා එක් නොවීමේ වරද හේතුවෙන්.

එම තරගය සදහා වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, ඒ අනුව තරගය පන්දුවාර විස්සයි 20 තරගයක් ලෙස පැවැත්වීමට විනිසුරුවන් තීරණය කර තිබුණා.

විනිසුරුවන් විසින් තරගය පැවැත්වීමට සුදුසු තත්ත්වයක් පවතින බව නිවේදනය කර තිබියදීත් කණ්ඩායම් දෙකේම නායකයින් දෙදෙනා කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවට පැමිණීමෙන් වැළකී සිටි අතර, ඒ අනුව අවසන් තරගය පැවැත්වීමට හැකි වූයේ නැහැ.

නමුත්, මේ වන විට ජෝන් කැම්ප්බෙල් එම වරද සම්බන්ධයෙන් සිය කණගාටුව පල කර තිබෙනවා. කෙසේ වෙතත්, Barbados කණ්ඩායමේ නායක රෙයිමන් රෙයිෆර් මෙම චෝදනාවලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ. ඒ අනුව ඔහුට ලබා දෙන දඩුවම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරනු ඇති.

අවසන් තරගයට අදාළ තරග ගාස්තු ගෙවීමක් හෝ ශූරයින්ට හා අනුශූරයින්ට පිරිනමන ත්‍යාග මුදල් පිරිනැමීමක් සිදු නොවන බව ද කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...