U19 Asia Cup : ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගය පරදියි

Date:

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අද(6) ගිලිහී ගියා.

ඒ, දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව හමුවේ කඩුලු 7ක පරාජයක් අත්විදීමට සිදු වීමත් සමගයි.

සාජාහීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 46.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 173 ක් පමණයි.

ලක්වින් අබේසිංහ ලකුණු 69 ක් හා ශරුජන් ශන්මුගනාදන් ලකුණු 42 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Chetan Sharma ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Kiran Chormale හා Ayush Mhatre කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 21.4 ක් පමණක් වැය කරමින් කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Vaibhav Suryavanshi පන්දු 36 කින් ලකුණු 67 ක් ලබා ගත් අතර, Ayush Mhatre ලකුණු 34 යි. පන්දු යැවීමේ දී විහස් තෙව්මික, විරාන් චමුදිත හා ප්‍රවීන් මනීෂ කඩුල්ල බැගින් බිද හෙලුවා.

මේ අතර, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු 7ක ජයක් ලැබීමට බංග්ලාදේශය අද සමත් වුණා.

ඩුබායිහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 37කදී සියලු දෙනා දැවී ලකුණු 116 ක් පමණක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 22.1 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 8 වැනිදා ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...