එංගලන්ත ක්‍රීඩකයින්ට 15%ක වැටුප් කප්පාදුවක්

Date:

15%ක වැටුප් කප්පාදුවක් සදහා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් සිය එකගතාවය පල කර තිබෙනවා.

කොරෝනා වංසගතය හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය පදනම් කරගනිමිනුයි ඔවුන් මෙම එකගතාවයට එළඹ ඇත්තේ.

පසුගිය පළමු වැනිදා සිට මාස 12 ක කාලයක් සදහා බලපැවැත්වෙන පරිදි එංගලන්ත ක්‍රීඩකයින්ට මෙම වැටුප් කප්පාදුව සිදු කර ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක් වුණේ.

නිමා වූ තරග වාරයේ දී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සියලු තරගාවලි කල් දැමීමකින් තොරව ක්‍රීඩා කර ඇති පසුබිමක මෙම වැටුප් කප්පාදුව සිදු කිරීම විශේෂත්වයක්.

අදාළ තරගාවලි පැවැත්වුව ද, එංගලන්ත ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් තම ආයතනයට ස්ටර්ලින් පවුම් මිලියන 106ක මුදලක් අහිමි වන බවයි.

එම අලාභය තවදුරටත් ඉහළ යමින් පවතින බව ද එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

පවතින තත්ත්වය හේතුවෙන් පිරිවැය අඩු කිරීමේ අරමුණින් රැකියා කප්පාදු කිරීම් 62ක් සිදු කිරීමට ද එංගලන්ත ක්‍රිකට් ආයතනය මීට පෙර තීරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...