T20 තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බිද වැටෙයි

Date:

විස්සයි 20 තරගයකදී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බිද දැමීමට Baroda කණ්ඩායම ඊයේ(5) සමත් වුණා. ඒ, ඉන්දියාවේ පැවැත්වෙන Syed Mushtaq Ali කුසලාන තරගාවලියේදීයි.

ඉන්දෝර්හීදී Sikkim කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී ඔවුන් කඩුලු 5 ක් දැවී ලකුණු 349 ක් ලබා ගනිමින් මෙම ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවා.

ඔවුන් විසින් බිද දමනු ලැබුවේ සිම්බාබ්වේ කණ්ඩායම විසින් කඩුලු 4 ක් දැවී ලකුණු 344 ක් ලබා ගනිමින් ගැම්බියාවට එරෙහිව පසුගිය ඔක්තෝබර් මාසයේදී පිහිටුවනු ලැබූ ලෝක වාර්තාවයි. කෙසේ වෙතත්, විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී තවදුරටත් කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ එම ලකුණු සංඛ්‍යාවයි.

මේ අතර, Sikkim කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී Baroda කණ්ඩායම හයේ පහර 37 ක් එල්ල කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවේ විස්සයි 20 ඉනිමකදී කණ්ඩායමක් එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව වාර්තා කරමින්.

මීට පෙර එම වාර්තාවට ද හිමිකම් කියනු ලැබුවේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඔවුන් ගැම්බියාවට එරෙහි තරගයේ දී හයේ පහර 27 ක් එල්ල කර තිබුණා.

මේ අතර, Syed Mushtaq Ali කුසලාන තරගාවලිය යටතේ පැවැති තවත් තරගයකදී Punjab කණ්ඩායමේ අභිෂේක් ෂර්මා පන්දු 28 කින් ශතකයක් වාර්තා කරමින් විස්සයි 20 තරගයකදී වාර්තා වූ සම දෙවැනි වේගවත්ම ශතකය රැස් කිරීමට සමත් වුණා.

Meghalaya කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ඔහු පන්දු 29 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 106 ක්. හයේ පහර 11 ක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...