Watch : වාර්තා අලුත් කරමින් මිචෙල් ස්ටක් දෙවැනි ටෙස්ට් තරගයේ පළමු පන්දුවෙන්ම දවා ගත් කඩුල්ල

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(6) ඇඩිලේඩ්හීදී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස ආරම්භ වුණා. තරගයේ පළමු පන්දුවෙන්ම මිචෙල් ස්ටක් විසින් යශස්වි ජයිස්වාල්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, තරගය සදහා ඉන්දියාවෙන් වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව රෝහිත් ෂර්මා, ෂුබ්මන් ගිල් හා ආර් අශ්වින් කණ්ඩායමට කැදවා ඇත්තේ වොෂින්ටන් සුන්දර්, දෙව්දත් පඩික්කල් හා ද්‍රව් ජුරෙල් වෙනුවටයි. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ආබාධයකට ලක් වූ ජොෂ් හේසල්වුඩ් වෙනුවට ස්කොට් බෝලන්ඩ් කණ්ඩායමට කැදවා තිබෙනවා.

ඉන්දීය ඉනිම ආරම්භ කරමින් ජයිස්වාල් සමගින් කේ එල් රාහුල් පිටියට පිවිස අතර, ජයිස්වාල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට ස්ටක්ට හැකි වුණා.

ටෙස්ට් තරගයක පළමු පන්දුවෙන්ම වැඩිම අවස්ථා ගණනකදී කඩුල්ලක් දවා ගත් ක්‍රීඩකයින් ලැයිස්තුවේ සම පළමු ස්ථානය ද මේ වන විට මිචෙල් ස්ටක්ට හිමිව තිබෙනවා. ඔහු මේ වන විට එලෙස පළමු පන්දුවෙන්ම දවා ගෙන ඇති කඩුලු ගණන 3ක්. ඔහුට අමතරව කොදෙව් හිටපු ක්‍රීඩක Pedro Collins ද අවස්ථාව තුනකදී ටෙස්ට් තරගයක පළමු පන්දුවෙන්ම කඩුලු දවා ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...