2nd Test : කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. තරගය දකුණු අප්‍රිකාවේ Gqeberha හීදී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ. ඒ අනුව මිලාන් රත්නායක කණ්ඩායමට කැදවා නොමැති අතර, විශේෂඥ දග පන්දු යවන්නෙකු ලෙස ප්‍රභාත් ජයසූරිය මෙම තරගය සදහා ද ක්‍රීඩා කරනවා.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම හා සැසදීමේදී මෙම තරගයට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායමට වෙනස්කම් දෙකක් සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව ආබාධවලට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක Gerald Coetzee හා තුන් ඉරියව් ක්‍රීඩක Wiaan Mulder වෙනුවට කඩුලු රකින පිතිකරුවෙකු වන Ryan Rickelton හා වේග පන්දු යවන ක්‍රීඩක Dane Paterson කණ්ඩායමට ආදේශ කර තිබෙනවා.

Sri Lanka XI: Dimuth Karuanaratne, Pathum Nissanka, Dinesh Chandimal, Angelo Mathews, Kamindu Mendis, Dhananjaya de Silva (c), Kusal Mendis (wk), Prabath Jayasuriuya, Vishwa Fernando, Asitha Fernando, Lahiru Kumara

South Africa XI: Aiden Markram, Tony de Zorzi, Tristan Stubbs, Temba Bavuma (c), David Bedingham, Kyle Verreynne (wk), Ryan Rickelton, Marco Jansen, Keshav Maharaj, Kagiso Rabada, Dane Paterson

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...