බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් හිස්වැසුමක් වෙන්දේසියකදී කෝටි ගණනකට අලෙවි වෙයි

Date:

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් පැළද සිටි ටෙස්ට් හිස්වැසුමක් (baggy green) වෙන්දේසියකදී ඉහළ මිලකට අලෙවි වී තිබෙනවා.

සිඩ්නිහීදී පැවැති වෙන්දේසියේදී එම හිස්වැසුම ඔස්ට්‍රේලියානු ඩොලර් 479,700 කට, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 9කට ආසන්න වටිනාකමකට අලෙවි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

1947-48 තරගවාරයේදී ඉන්දියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී පැවැති ටෙස්ට් තරගාවලියක් සදහා මෙම හිස්වැසුම බ්‍රැඩ්මන් විසින් පැළද සිටි බව සදහන්.

එම තරගාවලියේදීයි ඔහු තම සියවැනි පළමු පෙල ශතකය වාර්තා කිරීමට සමත් වුණේ. බ්‍රැඩ්මන් සිය රටේදී ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගාවලිය වන්නේ ද එම තරගාවලියයි.

වසර 80 ක් පමණ පැරැණි මෙම හැස්වැසුම වෙන්දේසියේදී ඔස්ට්‍රේලියානු ඩොලර් 390,000 ක (රුපියල් කෝටි 7.2) මිලදී ගෙන ඇති අතර, පරිපාලන වියදම් පියවා ගැනීම සඳහා වෙන්දේසිකරු විසින් අය කරනු ලබන මුදල් ද එකතු වූ විට (buyer’s premium) එහි සමස්ත මිල ඩොලර් 479,700 ක් වනවා.

2001 වසරේ දී 92 වන වියේදී මියගිය ඩොන් බ්‍රැඩ්මන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 52 ක් ක්‍රීඩා කර ඇති අතර, ඔහුගේ ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 99.94 ක් ලෙසයි.

1947-48 තරගවාරයේදී ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී බ්‍රැඩ්මන් ඉනිම හයකදී ලකුණු 715 ක් රැස් කළේ 178.75 ක සාමාන්‍යයක් සටහන් කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...