නවතම ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ

Date:

නවතම අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(4) නිවේදනය කළා.

ඊට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර දෙවන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට එංගලන්ත පිතිකරු හැරී බෘෘක් සමත්ව තිබෙනවා. ඒ, නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ඔහු රැස් කළ ලකුණු 171 හේතුවෙන්.

යශස්වි ජයිස්වාල් සිව්වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස ඇති අතර, කමිදු මෙන්ඩිස් 7 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා. ස්ටීව් ස්මිත් 8 වැනි ස්ථානය දක්වා ද, සවුද් ශකීල් 9 වැනි ස්ථානය දක්වා ද එක් ස්ථානය බැගින් පසුබැස ඇති බවත්, ටෙම්බා බවුමා 10 වැනි ස්ථානය දක්වා ස්ථාන 14 කින් ඉදිරියට පැමිණ ඇති බවත් අයි.සී.සීය නිවේදනය කළා.

මීට අමතරව ධනංජය ද සිල්වා 15 වැනි ස්ථානය (එක් ස්ථානයකින්) දක්වාත්, දිනේෂ් චන්දිමාල් 17 වැනි ස්ථානය (ස්ථාන දෙකකින්) දක්වාත් ඉදිරියට පැමිණ ඇති අතර, දිමුත් කරුණාරත්න 22 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ද, ඇන්ජෙලෝ මැතිව්ස් 24 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද, පසුබැස තිබෙනවා. කුසල් මෙන්ඩිස් එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් මේ වන විට රැදී සිටින්නේ 44 වැනි ස්ථානයේයි. පැතුම් නිස්සංක සම 57 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන 6 කින්.

මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 19 කින් ඉදිරියට පැමිණීමට දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක මාර්කෝ ජැන්සන් සමත්ව තිබෙනවා. ඒ, ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගයේදී කඩුලු 11 ක් දවා ගනිමින් දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙන්.

ප්‍රභාත් ජයසූරිය 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් පසුබැස ඇති අතර, අසිත ප්‍රනාන්දු 13 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ. විශ්ව ප්‍රනාන්දු 29 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 4 කින්. ලහිරු කුමාර ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇත්තේ 35 වැනි ස්ථානය දක්වායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...