දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්? ධනංජය කරුණු පහදයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (5) Gqeberha හීදී (Port Elizabeth) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1:30 ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 233 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වූ බැවින් ඔවුන් මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට අනෙකුත් කණ්ඩායම්වල ප්‍රතිපල මත යැපීමකින් තොරව සුදුසුකම් ලබා ගැනීමටනම් මෙම තරගයෙන් ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්යය වනවා. ඊට අමතරව ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකද ශ්‍රී ලංකාව ජය ගත යුතුයි.

මේ අතර, හෙට තරගය සදහා ඇතැම් විට ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක් සිදු වීමට ඉඩ තිබෙනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී නායක ධනංජය ද සිල්වා සදහන් කළේ ඩර්බන් තණතීරුව හා සැසදීමේදී මෙම තරගය සදහා යොදා ගන්නා තණතීරුවෙහි තණකොල වැඩි ප්‍රමාණයක් දැක ගත හැකි බවයි.

ඒ අනුව හෙට තරගය සදහා ප්‍රධාන වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු සමග ක්‍රීඩා කිරීමට ඇතැම් විට ඉඩ ඇති බව ශ්‍රී ලංකා නායකයා පෙන්වා දුන්නා. එහිදී ප්‍රභාත් ජයසූරිය වෙනුවට මිලාන් රත්නායක කණ්ඩායමට ආදේශ කිරීමට කටයුතු කරනු ඇති. මිලාන් රත්නායකගේ පිතිකරණ හැකියාව ද ඉහළ මට්ටමක පැවතීම ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර වාසියක් හිමි කර දෙනවා.

අවශ්‍ය වුවහොත් දග පන්දු යැවීම සදහා ධනංජය ද සිල්වා හා කමිදු මෙන්ඩිස් කණ්ඩායමේ රැදී සිටිනවා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේදී ගැනීමට නියමිත බව සදහන්.

දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම –

Dimuth Karuanaratne, Pathum Nissanka, Dinesh Chandimal, Angelo Mathews, Kamindu Mendis, Dhananjaya de Silva (c), Kusal Mendis (wk), Prabath Jayasuriuya / Milan Rathnayake, Vishwa Fernando, Asitha Fernando, Lahiru Kumara

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...