ජේකර්ගේ 91 හා තයිජුල්ගේ කඩුලු 5 හමුවේ වසර 15 කට පසු කොදෙව් දූපත්හීදී බංග්ලාදේශයට ටෙස්ට් ජයක්

Date:

2009 වසරෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් දූපත්හීදී පළමු වරට ටෙස්ට් තරගයක් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම මෙරට වේලාවෙන් අද(4) අලුයම සමත් වුණා.

ඒ, දෙරට අතර ජැමයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 101 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ සිව්වැනි දිනය ආරම්භ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 193 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 268 කට සීමා වුණා. ජේකර් අලී ලකුණු 91 කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් හා කෙමා රෝච් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

අනතුරුව තරගය ජය ගැනීම සදහා ලකුණු 287 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 185 ක් පමණයි.

කවෙම් හොඩ්ජ් ලකුණු 55ක් හා ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 43 ක් රැස් කළා. පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් කඩුලු පහක් දවා ගත්තේ ලකුණු 50 ක් ලබා දෙමින්. හසාන් මහ්මුද් හා ටස්කින් අහ්මඩ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 164 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස කොදෙව්වන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි. එහිදී නහිද් රානා කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

මෙම ජයත් සමග තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට බංග්ලාදේශයට හැකි වුණා.

එමෙන්ම මෙතෙක් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් ස්ථානයේ පසු වූ බංග්ලාදේශය මේ වන විට 8 වැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණ ඇති අතර, කොදෙව්වන් අවසන් ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...