සිම්බාබ්වේ ඉනිමේ කඩුලු 10 ලකුණු 20 ක් තුළ බිද දමමින් පාකිස්තානයට වාර්තාගත ජයක්

Date:

Sufiyan Muqeem ගේ වාර්තාගත පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක වාර්තාගත ජයක් ලබමින් තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කර ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද(3) සමත් වුණා.

බුලවායෝහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිලට පන්දුවාර 12.4 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 57 ක් පමණයි. එය ඔවුන් T20I ඉතිහාසයේ වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාවයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 5.3 ක් පමණක් වැය කරමින් කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Saim Ayub නොදැවී ලකුණු 36 ක් හා Omair Yousuf නොදැවී ලකුණු 22 ක් රැස් කළා.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 21 ක් රැස් කළ ආරම්භක පිතිකරු Brian Bennett. ඔහුගේ ආරම්භක සගයා වූ Tadiwanashe Marumani ලකුණු 16 කට දැවී ගියා.

සෙසු පිතිකරුවන් අතරින් ලකුණු 5 සීමාව ඉක්මවා ගිය එකම පිතිකරු වූ Clive Madande ලකුණු 9ක් ලබා ගත්තා. සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 37 දී දැවී ගිය අතර, ඒ අනුව කඩුලු දහයම දැවී ගියේ එතැන් සිට ලකුණු 20 ක් තුළදීයි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ Sufiyan Muqeem පන්දුවාර 2.4 ක් යොමු කරමින් ලකුණු 3 කට කඩුලු 5 ක් දවා ගත්තා. එය පාකිස්තානය වෙනුවෙන් විස්සයි 20 තරගයකදී පන්දු යවන්නෙකු ප්‍රදර්ශනය කළ හොදම දක්ෂතාවයයි.

මෙම තරගයෙන් පාකිස්තානය ජය වාර්තා කරන විට ඔවුන්ගේ ඉනිමෙන් පන්දුවාර 14.3 ක් ඉතිරිව තිබූ අතර, ඒ අනුව එය ඉතිහාසගත වුණේ ටෙස්ට් වරම් හිමි රටවල් දෙකක් අතර පැවැති T20I තරගයකදී කණ්ඩායමක් වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී ජය ගත් තරගය ලෙසයි.

Sufiyan Muqeem ගේ විශිෂ්ඨ පන්දු යැවීම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...