නවසීලන්තයෙන් හා එංගලන්තයෙන් ප්‍රසාද ලකුණු 3 බැගින් කපා හරියි – නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ එංගලන්තයට හා නවසීලන්තයට හිමිව තිබූ ප්‍රසාද ලකුණු 3 බැගින් කපා හැරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, ඔවුන් ක්‍රයිච්ර්ච්හි පැවැති පළමු ටෙස්ට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නිමා නොකිරීම හේතුවෙන්.

එම දඩුවමට අමතරව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 15% ක දඩ මුදලක් පැනවීමට ද අයි.සී.සීය කටයුතු කර තිබෙනවා.

එංගලන්තය හා නවසීලන්තය අදාළ ටෙස්ට් තරගයේදී පන්දුවාර 3 බැගින් නියමිත කාලය නිමා වන විට යවා අවසන් කිරීමට අසමත්ව ඇති බවට අනාවරණය වී තිබූ අතර, එම වරද හා ලබා දුන් දඩුවම කණ්ඩායම් දෙකේම නායකයින් විසින් පිළිගෙන ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

මෙලෙස ප්‍රසාද ලකුණු කපා හැරීමත් සමග ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු පළමු ටෙස්ට් තරගයෙන් පරාජයට පත් වූ නවසීලන්තයෙන් තවදුරටත් දුරස් වී තිබෙනවා.

ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව සමග සම සිව්වැනි ස්ථානයේ මෙතෙක් රැදී සිටි අතර, මෙම දඩුවමත් සමග නවසීලන්තය පස්වැනි ස්ථානය දක්වා පසුබැස ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...