බංග්ලාදේශය පරදා තියුණු ජයක් ලබමින් ශ්‍රී ලංකාව අපරාජිතව මූලික වටය අවසන් කරයි

Date:

ආසියානු කුසලාන යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අපරාජිතව අවසන් කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, තරගාවලියේ 9 වැනි තරගයෙන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පරදා ලකුණු හතක තියුණු ජයක් වාර්තා කරමින්.

ඩුබායිහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 228 ක් රැස් කළා.

විමත් දින්සර පන්දු 132 කින් ලකුණු 106 ක් රැස් කළේ හතරේ පහර 10 ක් සමගින්. විහස් තෙව්මික ලකුණු 22 ක්, ලක්වින් අබේසිංහ ලකුණු 21 ක් හා විරාන් චමුදිත ලකුණු 20 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Al Fahad ලකුණු 50 කට කඩුලු 4 ක් දවා ගත් අතර, Rizan Hossan ලකුණු 40 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 221 ක් පමණයි.

ඉනිමේ 40 වැනි පන්දුවාරය ආරම්භ කරන විටත් පහසුවෙන්ම තරගය ජය ගැනීම සදහා බංග්ලාදේශයට අවස්ථාවක් පැවැති නමුත්, ශ්‍රී ලංකා පන්දු යවන්නන් හා පන්දු රකින්නන් ඉතා විශිෂ්ඨ අන්දමින් සටනට අවතීර්ණ වෙමින් තරගයේ ජය බංග්ලාදේශයෙන් උදුරා ගැනීමට සමත් වුණා.

අවසන් පන්දු 66 තුළ දී කඩුලු 7ක් අතැතිව බංග්ලාදේශයට තරගය ජය ගැනීම සදහා අවශ්‍ය වූයේ ලකුණු 57 ක් පමණයි. කෙසේ වෙතත්, ඔවුන්ට එය හඹා යාමට ශ්‍රී ලංකාව ඉඩ ලබා දුන්නේ නැහැ.

Kalam Siddiki ලකුණු 95 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී විහස් තෙව්මික ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත්තා. බංග්ලාදේශ ඉනිමේදී දුවද්දී දැවී යාම් ද 4 ක් වාර්තා වීම කැපී පෙනුණා.

ඒ අනුව මූලික වටය යටතේ ක්‍රීඩා කළ තරග තුනම ජය ගත් ශ්‍රී ලංකාව B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් අතර, තරග තුනෙන් දෙකක් ජය ගත් බංග්ලාදේශය දෙවැනි ස්ථානය හිමි කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...