දෘෂ්‍යාබාධිත ලෝක කුසලානය පාකිස්තානයට – ලෝක කුසලානයක සත්කාරකත්වය ඉන්දියාවට අහිමි කරයි

Date:

පාකිස්තානයේ පැවැති පන්දුවාර විස්සයි 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට පාකිස්තානය අද(3) සමත් වුණා.

ඒ, මුල්තාන්හි පැවැති අවසන් මහා තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 10 ක ජයක් හිමි කර ගනිමින්.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 7 ක් දැවී ලකුණු 139 ක් ලබා ගත්තා.Arif Hussain ලකුණු 54 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Babar Ali කඩුලු දෙකක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 11 ක් පමණක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 140 සපුරා ගැනීමට සමත් වුණා. Nisar Ali නොදැවී ලකුණු 72 ක් ලබා ගත් අතර, Mohammad Safdar නොදැවී ලකුණු 47 යි.

පාකිස්තානය දෘෂ්‍යාබාධිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් පළමු අවස්ථාව මෙයයි. මීට පෙර පැවැති තරගාවලි තුනේම ශූරතාවය දිනා ගත්තේ ඉන්දියාවයි.

කෙසේ වෙතත්, මෙවර තරගාවලිය පාකිස්තානයේදී පැවැති බැවින් ඉන්දියාව තරගාවලියට එක් වූයේ නැහැ.

මේ අතර, එලෙස ඉන්දියාව පාකිස්තානයේ සංචාරය නොකිරීමට තීරණය කිරීම හේතුවෙන් ලබන වසරේ දී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා පන්දුවාර විස්සයි 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වයෙන් ඉන්දියාව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...