2nd Test : සීල්ස්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ තරගයේ පාලනය කොදෙව්වන්ට

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(2) අලුයම නිමා වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 70 ක්. ඒ, තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය රැස් කළ ලකුණු 164 ට පිළිතුරු ලෙසයි. ඒ අනුව කොදෙව්වන් මේ වන විට ලකුණු 94 ක් පිටුපසින් පසුවනවා.

Mikyle Louis ලකුණු 12 කට දැවී ගිය අතර, කොදෙව් නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් නොදැවී ලකණු 33 ක් හා කේසි කාර්ති නොදැවී ලකුණු 19 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ශඩ්මන් ඉස්ලාස් ලකුණු 64 ක් හා මෙහිදි හසාන් මිරාස් ලකුණු 36 ක් ලබා ගත්තා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජෙයිඩ්න් සීල්ස් පන්දුවාර 15.5 ක් යොමු කරමින් ලකුණු 5ක ට කඩුලු 4 ක් දවා ගත්තේ නිලකුණු පන්දුවාර 10 ක් යොමු කරමින්. ශමාර් ජෝසප් කඩුලු 3 ක් හා කෙමාර් රෝච් කඩුලු 2 ක් දවා ගත්තා.

තරගය ජැමයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...