පාන්ඩේ 83* හෝල්ඩර් 33/3 – සන්රයිසස් කණ්ඩායමට කඩුලු 8ක ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 40 වන තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයෙන් ඔවුන් ජය ගැනීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද හයිදරාබාද් කණ්ඩායම සමත් වී ඇත්තේ ප්‍රසාද ලකුණු 8කට හිමිකම් කියමින්.

ඔවුන් තරග 10කදී ජය ගත් තරග සංඛ්‍යාව 4ක්.

අද(22) පැවැති තරගයෙන් පරාජයට පත් වූ රාජස්ථාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවන්නේ ද ප්‍රසාද ලකුණු 8ක් හිමි කර ගනිමින්.

ඔවුන් තරග 11ක් ක්‍රීඩා තරග 4ක් ජය ගෙන ඇති අතර, පරාජයට පත්ව ඇති තරග සංඛ්‍යාව 7ක්.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ හයිදරාබාද් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තා.

සංජු සැම්සන් ලකුණු 36ක්, බෙන් ස්ටොක්ස් ලකුණු 30ක් සහ රියාන් පරග් ලකුණු 20ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ලකුණු 33කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 2ක් දැවී සිටියදීයි.

මනීෂ් පාන්ඩේ පන්දු 47කින් හයේ පහර 8ක් සහ හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 83ක් ලබා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

විජය ශන්කර් නොදැවී ලකුණු 52යි.

ලකුණු 16ට කඩුලු 2ක් දැවී ගොස් සිටි අවස්ථාවක තෙවැනි කඩුල්ල සදහා ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 140ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...