ශූරයින්ගේ කුසලානය ගැන ICC රැස්වීම මිනිත්තු 15 කට සීමා වෙයි

Date:

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉන්දියාව එරට සංචාරය නොකිරීමට තීරණය කිරීමත් සමග පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා අද(29) පැවැති අයි.සී.සී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම අවසන් එකගතාවයකින් තොරව නිමා වී තිබෙනවා.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැති මෙම රැස්වීම (virtual meeting) මිනිත්තු 15 කට පමණ සීමා වී තිබූ බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අයි.සී.සීය හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග එක්ව මෙම ගැටලුවට සාර්ථක විසදුමක් සෙවීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනයට තවදුරටත් යම් කාලයක් ලබා දීමට අද පැවැති සාකච්ඡාවේදී තීරණය කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, හෙට හෝ අනිද්දා දිනයේදී යළි රැස්වී ශූරයින්ගේ කුසලානය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අයි.සී.සී අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කිරීමට නියමිතයි.

තරගාවලිය පවත්වන ආකාරය සම්බන්ධයෙන් ගනු ලබන තීරණයට ඉන්දීය හා පාකිස්තාන රජයේ අනුමැතිය ලබා ගැනීමට ද බොහෝ දුරට සිදු වනු ඇති.

අද පැවැති අයි.සී.සී රැස්වීමේදී විකල්ප 3ක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව තිබුණා.

  • දෙමුහුන් ක්‍රමවේදය – එනම්, තරගාවලියේ තරග රැසක් පාකිස්තානයේදී පවත්වා ඉන්දියාව ක්‍රීඩා කරන තරග වෙනත් රටකදී පැවැත්වීම.
  • තරගාවලිය සම්පූර්ණයෙන්ම වෙනත් රටකදී පැවැත්වීම. එහිදී ද තරගාවලියේ සත්කාරක අයිතිය තවදුරටත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සතු වනු ඇති.
  • තරගාවලිය ඉන්දියාවේ සහභාගීත්වයක් නොමැතිව පාකිස්තානයේදී පැවැත්වීම.

තරගාවලිය දෙමුහුන් ක්‍රමවේදය යටතේ පැවැත්විය යුතු බව ඉන්දියාවේ මතය වී ඇතත්, පාකිස්තානය ඊට විරෝධය පල කරනවා.

ශූරයින්ගේ කුසලාන තරගාවලිය පෙබරවාරි හා මාර්තු මාසවලදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. නමුත්, පවතින තත්ත්වය මත තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කිරීමට ද මෙතෙක් අයි.සී.සීයට හැකි වී නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...