ශ්‍රී ලංකාවට ලකුණු 516 ක දැවැන්ත ඉලක්කයක්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 516 ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, තරගයේ තෙවැනි දිනය වන අද දිනයේදී දකුණු අප්‍රිකාව කඩුලු 5 ක් දැවී ලකුණු 366 ක් ලබා සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට පියවර ගැනීමත් සමගයි.

දිනය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 3 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටි අතර, අද දිනයේ දී ශතක වාර්තා කරමින් දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම ශක්තිමත් කිරීමට නායක ටෙම්බා බවුමා හා ට්‍රිස්ටන් ස්ටබ්ස් සමත් වුණා.

බවුමා ලකුණු 113 ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සමගින්. ස්ටබ්ස් හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමගින් ලකුණු 122 ක් ලබා ගත්තා. ඒඩ්න් මාක්‍රම් ලකුණු 47 යි.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඩර්බන්හි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 191 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණු 42 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...