ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන නිකුත් කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නොවැම්බර් 21 වනදා ආරම්භ වන තරගාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් 13 වනදා පැවැත්වීමට නියමිතයි.

සමාරම්භක උත්සවය නොවැම්බර් 21 වනදා පස්වරු 3ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනු ඇති.

අනතුරුව එදිනම රාත්‍රී 7.30ට හම්බන්තොට ක්‍රීඩාංගනයේ දී ම තරගාවලියේ පළමු තරගය පැවැත්වෙනවා.

ඒ, කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතරයි.

එදින සිට නොවැම්බර් 28 වනදා දක්වා සියලු තරග හම්බන්තොට දී පැවැත්වෙනවා.

අනතුරුව දෙසැම්බර් 2 වනදා සිට සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මූලික වටයේ තරග අවසන් වන්නේ දෙසැම්බර් 9 වනදායි.

පසුව දෙසැම්බර් 10 වනදා සහ 11 වනදා තරගාවලියේ අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර, අවසන් තරගය 13 වනදා පැවැත්වීමට නියමිතයි.

අවසන් තරගය සදහා අමතර දිනයක් ලෙස දෙසැම්බර් 14 වනදා ද යොදා තිබීම විශේෂත්වයක්.

තරග කාලසටහන පහතින් –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...