IPL වෙන්දේසි ඉතිහාසය වෙනස් කළ 13 හැවිරිදි ක්‍රීඩකයා – විභව් සූර්යවංශී

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වෙන්දේසියකදී අලෙවි වූ ලාබාලතම ක්‍රීඩකයා බවට පත් වීමට ඉන්දියාවේ බිහාර්හි විභව් සූර්යවංශීට (Vaibhav Suryavanshi) මෙවර වෙන්දේසියේදී හැකියාව ලැබුණා.

වමත් මුල්පෙල පිතිකරුවෙකු වන ඔහු මේ වන විට 13 වන වියේ (වෙන්දේසිය පැවැති දිනය වන විට වයස – අවුරුදු 13 යි දින 243) පසුවන අතර, ඔහුව මිලදී ගත්තේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසිනුයි.

ඉන්දීය රුපියල් කෝටි 1.10 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 3.8 ක පමණ අගයක්) මුදලකට වෙන්දේසියේ දෙවැනි දිනයේදී RR කණ්ඩායම ඔහුව මිලදී ගත්තා.

Suryavanshi මේ වන විටත් ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ද නියෝජනය කර ඇති අතර, ඔහු එහිදි ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට එරෙහිව චෙන්නායිහීදී මීට මාස දෙකකට පමණ පෙර පැවැති සිව්දින තරගයකදී ආරම්භක පිතිකරුවෙකු ලෙස ශතකයක් ද වාර්තා කිරීමට සමත් වුණා.

ඉන්දීය රුපියල් ලක්ණ 30 ක මූලික වටිනාකමක් සහිත කාණ්ඩයෙන් ඔහු මෙවර වෙන්දේසියට ඉදිරිපත්ව සිටියා. ඔහුව මිලදී ගැනීම සදහා  ලංසු ඉදිරිපත් කළේ රාජස්ථාන් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි. අවසානයේ ඔහුව රාජස්ථාන් පිලට අලෙවි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...