ඉන්දියාවේ ජයෙන් පසු අලුත් වූ WTC ප්‍රසාද ලකුණු සටහන මෙන්න – ශ්‍රී ලංකාව දෙවැනි තැනට තවත් ළං වෙයි

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය යළි හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 295 ක විශිෂ්ඨ ජයක් ලැබීමත් සමගයි.

පර්ත්හි පැවැති මෙම තරගය ආරම්භ වීමට පෙර ඔස්ට්‍රේලියාව 62.50% ක ලකුණු ප්‍රතිශතයක් සමග පළමු ස්ථානයේ රැදී සිටි අතර, ඉන්දියාව 58.33% ක ලකුණු ප්‍රතිශතයක් සමග දෙවැනි ස්ථානයේ පසුවුණා.

කෙසේ වෙතත්, අද ලැබූ ජයත් සමග ඉන්දියාව එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්ව ඇත්තේ 61.11% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියමින්. දෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇති ඔස්ට්‍රේලියාවට හිමිව ඇති ලකුණු ප්‍රතිශතය 57.69% ක්.

55.56% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ලකුණු ප්‍රතිශත පරතරය වන්නේ 2.13% ක් පමණයි.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...