ඉන්දියාව 150 ට දැවී යාමෙන් පසු ඔස්ට්‍රේලියාව දැවැන්ත අර්බුදයක

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(22) පර්ත්හීදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 150 ක් ලබා ගත් අතර, දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 67 ක්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පළමු ඉනිමේ දී මේ වන විට ලකුණු 83 ක් පිටුපසින් පසුවනවා.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ නේදන් මැක්ස්වීනි ලකුණු 10 කටත්, උස්මාන් කවාජා ලකුණු 8කටත් දවා ගැනීමට ජස්ප්‍රිට් බුම්රා සමත් වුණා. අනතුරුව ස්ටීවන් ස්මිත් ද පළමු පන්දුවෙන්ම දවා ගත් බුම්රා ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ද ලකුණු 3 කට දවා ගත්තා.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 11 ක් හා මිචෙල් මාෂ් ලකුණු 6 ක් ලබා ගත් අතර, අංක 3 පිතිකරු මර්නස් ලබුෂේන් පන්දු 52 කින් ලකුණු 2 ක් රැස් කළා.

ඇලෙක්ස් ‍කෙරී නොදැවී ලකුණු 19 ක් හා මිචෙල් ස්ටක් නොදැවී ලකුණු 6ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේ දී බුම්රා කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 17 ක් ලබා දෙමින්. මොහමඩ් සිරාජ් කඩුලු දෙකක් හා මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ හර්ෂිත් රානා එක් කඩුල්ලක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන නිටිෂ් කුමාර් රෙදී. ඔහු ලකුණු 41 ක් ලබා ගත් අතර, රිෂාබ් පාන්ට් ලකුණු 37 කටත්, කේ එල් රාහුල් ලකුණු 26 කටත් දැවී ගියා.

යශස්වි ජයිස්වාල් හා දෙව්දත් පඩික්කල් ලකුණු නොලබා දැවී ගියා. විරාත් කෝලි ලකුණු 5කට දැවි ගිය අතර, ද්‍රව් ජුරෙල් ලබා ගත්තේ ලකුණු 11 ක් පමණයි. වොෂින්ටන් සුන්දර් ලකුණු 4 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් කඩුලු 4 ක් දවා ගත් අතර, මිචෙල් ස්ටක් හා මිචෙල් මාෂ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...