Watch : හෝබාර්ට් ක්‍රීඩාංගනයෙන් එළියට යන්න ගහපු ස්ටොයිනිස්ගේ දැවැන්ත හයේ පහර

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී බොහෝ ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගත් දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට ඔස්ට්‍රේලියානු මැද පෙල පිතිකරු මර්කස් ස්ටොයිනිස් අද(18) සමත් වුණා.

හෝබාර්ට්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 118 ක ඉලක්කයක් හඹා යන අතරවාරයේදීයි ස්ටොයිනිස් ක්‍රීඩාංගනයෙන් ඉවතට විසි වන ලෙස මෙම දැවැන්ත හයේ පහර එල්ල කළේ.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 9 වැනි පන්දුවාරය හැරිස් රවුෆ් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ 4 වැනි පන්දුවට ඔහු මෙම හයේ පහර එල්ල කිරීමට සමත් වුණා.

ඔස්ට්‍රේලියානු හඹා යාම ශක්තිමත් කළ ස්ටොයිනිස් පන්දු 27 ක් පමණක් වැය කරමින් ලකුණු 61 ක් නොදැවී ලබා ගත්තේ හයේ පහර 5 කින් හා හතරේ පහර 5 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...