5 වැනි T20 තරගය වැස්සට සේදෙයි – තරගාවලියේ ජය 3-1 ක් ලෙස එංගලන්තයට

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති පස්වැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව මෙරට වේලාවෙන් අද(18) අලුයම නිමා වුණා.

ශාන්ත ලුසියාහීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොදෙව්වන් පන්දුවාර පහක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 44 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

එවින් ලුවිස් නොදැවී ලකුණු 29(20) ක් හා ෂේයි හෝප් නොදැවී ලකුණු 14(10) ක් ලබා කඩුල්ලේ රැදී සිටියා.

අනතුරුව ඇද හැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඒ අනුව තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 3-1 ක් ලෙස එංගලන්තයට ජය හිමි කර දෙමින් නිමාවට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...