Watch : ඉන්දු-දකුණු අප්‍රිකා තෙවැනි T20 තරගය අතරමග නැවතූ මෙරුවන්ගේ ආක්‍රමණය

Date:

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හීදී බදාදා (13) රාත්‍රියේ ආරම්භ වූ තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයට මෙරුවන් විශේෂයකින් දැඩි බාධා එල්ල වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 6 ක් දැවී ලකුණු 219 ක් ලබා ගත්තා.

තිලක් වර්මා නොදැවී ලකුණු 107 ක් ලබා ගත්තේ පන්දු 56 කින්. හයේ පහර 7 ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

අනතුරුව ලකුණු 220 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා ඉනිම එක් පන්දුවාරයකින් පසුව තාවකාලිකව නතර කිරීමට සිදු වූයේ මෙරුවන් විශේෂයක් ක්‍රීඩාංගනය ආක්‍රමණය කිරීම හේතුවෙන්.

අනතුරුව පැය භාගයකට පමණ පසුව තරගය යළි ආරම්භ කෙරුණේ මෙරුවන් ක්‍රීඩාංගනයෙන් ඉවත්ව යාමෙන් පසුවයි. (දර්ශන කිහිපයක් පහතින්)

මෙම තරගයෙන් ඉන්දියාවට ලකුණු 11 ක තියුණු ජයක් හිමි වුණා. ඒ, දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලකුණු 208 ක් පමණක් ලබා ගැනීම හේතුවෙන්.

මාර්කෝ ජන්සෙන් පන්දු 17 කින් හයේ පහර 5 ක් හා හතරේ පහර 4 ක් සමග ලකුණු 54 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් එය අවසන් පන්දුවාරයේ දී අසාර්ථක වුණා. පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...