සංජු සැම්සන්ගේ වාර්තාගත ශතකයෙන් ඉන්දියාවට ලකුණු 61 ක ජයක්

Date:

සංජු සැම්සන්ගේ විශිෂ්ඨ ශතකය හමුවේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග 4 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 61 ක ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සිකුරාදා (8) සමත් වුණා.

ඩර්බන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 8 ක් දැවී ලකුණු 202 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 17.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 141 ක් පමණයි.

ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් සිය කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය සැම්සන් පන්දු 50 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 107 ක්. හයේ පහර 10 ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

සංජු අද සිය ශතකය පන්දු 47 කින් වාර්තා කළ අතර, එය දකුණු අප්‍රිකාවට එරෙහිව ඉන්දීය පිතිකරුවෙකු විස්සයි 20 තරගයකදී වාර්තා කළ වේගවත්ම ශතකයයි. එමෙන්ම ඉන්දියාව වෙනුවෙන් පිට පිට විස්සයි 20 තරග දෙකකදී ශතක දෙකක් රැස් කළ පළමු පිතිකරු ලෙස ද සංජු සැම්සන් අද ඉතිහාසගත වුණා.

තිලක් වර්මා ලකුණු 33(18) ක් හා සූර්යකුමර් යාදව් ලකුණු 21(17) ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ජෙරාල්ඩ් කොට්සියා ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් පිතිකරුවන් කිහිප දෙනෙකුම හොද ආරම්භයක් ලබා ගත්ත ද, කිසිදු පිතිකරුවෙකුට සාර්ථක ඉනිමක් දියත් කිරීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.‍

හෙන්රික් ක්ලාසන් ලකුණු 25 කටත්, රයන් රිකල්ටන් ලකුණු 21 කටත්, ඩේවිඩ් මිලර් ලකුණු 18 කටත් දැවී ගියා. ජෙරාල්ඩ් කොට්සියා පන්දු 11 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 23 ක්.

පන්දු යැවීමේ දී වරුන් චක්‍රවර්තී ලකුණු 25 කට කඩුලු 3 ක් හා රවී බිෂ්නෝයි ලකුණු 28 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...