ප්‍රබලයින් සිව් දෙනෙකු කොදෙව් T20 සංචිතයට කැදවයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරාවලියේ පළමු තරග දෙක වෙනුවෙන් වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

රොව්මන් පවෙල්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

අකීල් හොසෙයින්, ශිම්රන් හෙට්මයර්, නිකලස් පූරාන් හා අන්ඩ්‍රි රසල් යන ක්‍රීඩකයින් විස්සයි 20 සංචිතයට යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. එම ක්‍රීඩකයින් නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරය සදහා පෞද්ගලික හේතූන් මත ක්‍රීඩා කළේ නැහැ.

අලික් අතනාස්, අන්ඩ්‍රි ෆ්ලෙචර්, ෆේබියන් ඇලන් හා ශමාර් ස්ප්‍රින්ගර් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

මෙතෙක් විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති Terrance Hinds සංචිතයේ සිය ස්ථානය රැක ගෙන ඇති අතර, තෙවැනි එක්දින තරගයේ දී විනය විරෝධී ලෙස හැසිරුණු වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප්ට එරෙහිව පැනවූ තරග දෙකක තහනම හේතුවෙන් ඔහු වෙනුවට මැතිව් ෆෝර්ඩ් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරග දෙක සෙනසුරාදා හා ඉරිදා බාර්බඩෝස්හීදී පැවැත්වීමට නියමිතයි.

West Indies T20I squad for first two T20Is vs England

Rovman Powell (c), Roston Chase, Matthew Forde, Shimron Hetmyer, Terrance Hinds, Shai Hope, Akeal Hosein, Shamar Joseph, Brandon King, Evin Lewis, Gudakesh Motie, Nicholas Pooran, Andre Russell, Sherfane Rutherford, Romario Shepherd

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...