රවුෆ්ගේ කඩුලු පහත්, සයීම්ගේ හා අබ්දුල්ලාහ්ගේ අර්ධ ශතකත් පාකිස්තානයට ජය ගෙනෙයි

Date:

හැරිස් රවුෆ් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද(8) සමත් වුණා. මෙය 2017 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවේ දී පාකිස්තානය ජය ගත් පළමු එක්දින තරගය වීම ද විශේෂත්වයක්.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස මේ වන විට කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

ඇඩිලේඩ්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාවට පන්දුවාර 35 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 163 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 26.3 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

සයීම් අයුබ් ලකුණු 82 ක් රැස් කළේ පන්දු 71 කින්. හයේ පහර හයක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

අබ්දුල්ලාහ් ශෆික් නොදැවී ලකුණු 64(69) ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින්. පළමු කඩුල්ල සදහා ඔවුන් දෙදෙනා අතර පන්දුවාර 20.2 කදී ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 137 ක්.

බාබර් අසාම් නොදැවී ලකුණු 15 යි. දැවි ගිය එකම කඩුල්ල දවා ගත්තේ ඇඩම් සම්පා විසිනුයි.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ ලකුණු 35 ක් ලබා ගත් ස්ටීවන් ස්මිත්. මැතිව් ශෝර්ට් ලකුණු 19 කට දැවී ගිය අතර, ජොෂ් ඉන්ග්ලිස් හා ඇඩම් සම්පා ලකුණු 18 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් පන්දුවාර 8ක් යොමු කරමින් ලකුණු 29 කට කඩුලු පහක් දවා ගත්තා. ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 26 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...