Watch : සියල්ලන් මවිත කර වූ රාහුල්ගේ අපූර්ව දැවී යාම

Date:

සංචාරක ඉන්දීය A කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු A කණ්ඩායම අතර මෙල්බර්න්හී දී පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් දැවී යාමකට ගොදුරු වීමට ඉන්දීය පිතිකරු කේ එල් රාහුල්ට අද(8) සිදු වුණා.

දග පන්දු යවන ක්‍රීඩක Corey Rocchiccioli යොමු කළ පන්දුවක් නිදැල්ලේ යැවීමට ගොස් පන්දුව පාදයක වැදී කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ඔහු දැවී ගියේ.

පන්දුව පා ඉන්නෙන් ඉවතට දග කැවෙනු ඇති බවට කේ එල් රාහුල් අපේක්ෂා කළ බවක් මෙහිදී දක්නට ලැබෙනවා. කෙසේ වෙතත්, ඔහු සිතූ තරමින් පන්දුව දග කැවීමක් සිදු නොවූ අතර, ඒ අනුව පන්දුව ඔහුගේ පාදයක වැදී යළි කඩුල්ලට තුළට ඇදී ගියා.(දර්ශන පහතින්)

ඉන්දීය දෙවැනි ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ලබා සිටියේ ලකුණු 10 ක් පමණයි. පළමු ඉනිමේදී ද රාහුල් ලකුණු 4 කට දැවී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය A කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 161 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු A පිල ලබා ගත් ලකුණු සංඛ්‍යාව 223 ක්. ඉන්දීය දෙවැනි ඉනිමේ පළමු කඩුලු පහ ලකුණු 56 ක් තුළ බිද වැටුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...