අමිහිරි පරාජයෙන් පසු රහීම්ට අවසන් එක්දින තරග දෙකත් අහිමි වෙයි

Date:

බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම්ට ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු දෙරට අතර සාජාහී දී පැවැති පළමු එක්දින තරගයේ දී ඇගිල්ක ආබාධයකට මුහුණ දීම හේතුවෙන්.

එම තරගයේදී කඩුලු රකිමින් සිටියදී ඔහුගේ වම් අතේ ඇගිල්ලක මෙම ආබාධය සිදුව ඇති බව සදහන්.

තරගයෙන් අනතුරුව මුහුණ දුන් වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක අස්ථි බිදී යාමක් සිදුව ඇති බවයි.

ආබාධය හේතුවෙන් ඔහු බංග්ලාදේශ ඉනිමේ අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි නමුත්, ඔහුට ලබා ගැනීමට හැකි වූයේ එක් ලකුණක් පමණයි.

පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශය ලකුණු 92 ක පරාජයක් ලැබූ අතර, දෙවැනි එක්දින තරගය එඹෙන 9 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...