චමරිගේ සිඩ්නි කණ්ඩායම තෙවැනි ජයත් ලබයි

Date:

කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයෙන් බ්‍රිස්බේන් හීට් කණ්ඩායම පරදා ලකුණු 19 ක ජයක් වාර්තා කිරීමට සිඩ්නි තන්ඩර් කණ්ඩායම අද(7) සමත් වුණා.

පර්ත්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිඩ්නි කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 170 ක් ලබා ගත්තා.

Heather Knight නොදැවී ලකුණු 59(34) ක් රැස් කළ අතර, නායිකා Phoebe Litchfield ලකුණු 40(25) ක් හා චමරි අතපත්තු ලකුණු 33(25) ක් රැස් කළා. චමරිගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුලත්.

පන්දු යැවීමේ දී Jess Jonassen ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්‍රිස්බේන් පිල පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 151 ක් පමණයි.

Charli Knott ලකුණු 55(37) ක් හා Grace Harris ලකුණු 41(31) ක් රැස් කළා.

පන්දු යැවිමේ දී Samantha Bates කඩුලු 4 ක් දවා ගත් අතර, චමරි අතපත්තු හා Taneale Peschel අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

මේ වන විට ක්‍රීඩා කළ තරග හතරෙන් තරග 3ක් ජය ගත් සිඩ්නි තන්ඩර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ද පෙරමුණේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...