කිංග් හා කාර්තිගේ ශතක හමුවේ කොදෙව්වන් එක්දින තරගාවලිය දිනයි

Date:

ශ්‍රී ලංකා තරග සංචාරයේදී ලද තරගාවලි පරාජයන්ගේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් ආරම්භ වූ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවති තුන්වෙනි හා අවසන් එක් දින තරඟයෙන් කඩුලු අටක විශිෂ්ට ජයක් වාර්තා කරමින්.

බාර්බඩෝස් හි පැවැති තරඟය ජය ගැනීම සඳහා පළමුව පන්දුවට පහර දුන් එංගලන්තයෙන් ලද ලකුණු 264ක ඉලක්කය කොදෙව්වන් පන්දුවාර 43ක් අවසානයේ කඩුලු දෙකක් දැවී සිටියදී පහසුවෙන් පසු කර ගියා.

බ්‍රෙන්ඩන් කිංග් පන්දු 117 කින් ලකුණු 102 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 13ක් සමගින්.

කේසි කාර්ති පන්දු 114 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 128 ක්. හයේ පහර දෙකක් සහ හතරේ පහර 15ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩනැගුණු සම්බන්ධතාවය ලකුණු 209(203) ක්.

පන්දු යැවීමේදී රීස් ටොප්ලි හා ජෙමී ඔවර්ටන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 263ක් ලබා ගත්තේ කඩුලු අටක් දැවී සිටියදීයි.

ඒ, ඔවුන්ගේ පළමු කඩුලු හතර ලකුණු 24 ක් තුළ බිඳ වැටුණු පසුබිමකයි.

පිල් සෝල්ට් ලකුණු 74 ක් ලබා ගනිමින් එංගලන්ත කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට පදනම සකස් කළා.

ඩෑන් මෝස්ලි ලකුණු 57ක්, සෑම් කරන් ලකුණු 40 ක්, ජොෆ්‍ර ආචර් නොදැවී ලකුණු 38 ක් හා ජෙමී ඔවර්ටන් ලකුණු 32 ක් රැස් කරමින් එංගලන්ත පසු පෙළ ශක්තිමත් කළා.

පන්දු යැවීමේදී මැතිව් ෆෝර්ඩ් කඩුලු 3ක් බිද හෙලූ අතර, අල්සාරි ජෝසප් හා රොමාරියෝ ෂෙපර්ඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...