නායකයින්ගේ ශතක සටනෙන් පසු එංගලන්තයට සුපිරි ජයක්

Date:

ෂේයි හෝප් වාර්තා කළ අනර්ඝ ශතකය අපතේ යවමින් ලියම් ලිවින්ග්ස්ටන්ගේ නොදැවුණු වේගවත් ශතකය හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

Antigua හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා කොදෙව්වන්ගෙන් ලද ලකුණු 329 ක දැවැන්ත ඉලක්කය හඹා ගිය එංගලන්තය පන්දුවාර 47.3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

එංගලන්ත නායක ලිවින්ග්ස්ටන් හයේ පහර 9 ක් හා හතරේ පහර 5 ක් සමගින් පන්දු 85 කින් නොදැවී ලකුණු 124 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම සුපිරි ජයක් කරා රැගෙන ගියා. මෙය ඔහු වාර්තා කළ මංගල එක්දින ජාත්‍යන්තර ශතකයයි.

පිල් සෝල්ට් ලකුණු 59 ක්, ජේකබ් බෙතෙල් ලකුණු 55 ක් හා සෑම් කරන් ලකුණු 52 ක් ලබා ගනිමින් එංගලන්ත හඹා යාම ශක්තිමත් කළා.

ලිවින්ග්ටස් හා සෑම් කරන් අතර 5 වැනි කඩුල්ල සදහා ලකුණු 140 (107) ක අගනා සම්බන්ධතාවයක් ද ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී මැතිව් ෆෝර්ඩ් ලකුණු 48 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් වෙනුවෙන් නායක ෂේයි හෝප් පන්දු 127 කින් ලකුණු 117 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් සමගින්. කේසි කාර්ති ලකුණු 71(77) ක් හා ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 54(36) රැස් කළා.

පන්දු යැවීමේ දී ජෝන් ටර්නර් හා අඩිල් රෂිඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා. මෙම තරගයේ දී එංගලන්තය වෙනුවෙන් පන්දු යවන්නන් 9 දෙනෙකු පන්දු යැවීම කැපී පෙනුණා.

මේ වන විට දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...