Hong Kong Sixes : බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් ජය ගනියි

Date:

Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් අද(1) ඔවුන් බංග්ලාදේශය පරදා  ලකුණු 18 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 107 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර හය නිමා කළා.

සදුන් වීරක්කොඩි ලකුණු 18(6) ක් රැස් කළ අතර, තනුක දාඹරේ පන්දු 12 කින් ලකුණු 32 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් සමගින්.

නායක ලහිරු මදුෂංක නොදැවී ලකුණු 48 ක් ලබා ගත්තේ පන්දු 17 කින්. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 3 ක් ඇතුළත් වුණා. ලහිරු සමරකෝන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ධනංජය ලක්ෂාන් නොදැවී එක් ලකුණයි.

පන්දු යැවීමේ දී Jishan Alam ලකුණු හයකට කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර හය අවසානයේ දී කඩුලු 3 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 89 ක් පමණයි.

Mohammad Saifuddin නොදැවී ලකුණු 42(17) ක් රැස් කළ අතර, Jishan Alam ලකුණු 27(13) කට දැවී ගියා.
පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන් පන්දුවාර 2ක් යොමු කරමින් ලකුණු 26 කට කඩුලු දෙකක් බිද හෙලූ අතර, ධනංජය ලක්ෂාන් එක් පන්දුවාරයකදී ලකුණූ 13 කට කඩුල්ලක් බිද හෙලුවා.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ද ඔවුන් ඕමානය පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ අනුව ක්‍රීඩා කළ තරග දෙකම ජය ගත් ශ්‍රී ලංකාව D කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...