Hong Kong Sixes : පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Date:

Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් අද(1) ඔවුන් ඕමානය පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕමානය කඩුලු දෙකක් දැවී ලකුණු 78 ක් ලබා ගත්තා.

නායක Vinayak Shukla පන්දු 18 කින් ලකුණු 49 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර හයක් හා හතරේ පහරක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ධනංජය ලක්ෂාන් ලකුණු 4 කට කඩුල්ලක් දවා ගත් අතර, ලහිරු මදුෂංක ලකුණු 16 කට කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 4.1 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 82 ක් ලබා ජය තහවුරු කර ගත්තා.

වේගවත් ආරම්භයක් ලබා දුන් සදුන් වීරක්කොඩි පන්දු 7කින් හයේ පහර 4 ක් හා හතරේ පහරක් සමග ලකුණු 28 රැස් කළා.

තනුක දාඹරේ ලකුණු 18(7) යි. නායක ලහිරු මදුෂංක නොදැවී ලකුණු 15(5) ක් හා ලහිරු සමරකෝන් නොදැවී ලකුණු 20(6) ක් රැස් කළා.

අද පස්වරුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව ද තරග වැදීමට නියමිතව තිබෙනවා. එම තරගය පස්වරු 2:15 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය Star Sports 1 ඔස්සේ සජීවීව විකාශය කෙරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...