නවතම එක්දින හා ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ ; කමිදු ඉදිරියට – රබාඩා පෙරමුණට

Date:

නවතම අයි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ 12 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලියේ දී දැක් වූ දක්ෂතා මතයි ඔහු එලෙස එක් පියවරකින් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ ඇත්තේ.

වනිදු හසරංග ද 16 වැනි ස්ථානය දක්වා පියවර දෙකකින් ඉදිරියට පැමිණ ඇති බව අයි.සී.සීය නිවේදනය කළා. ඩිල්ෂාන් මදුෂංක සම 38 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ද, දුනිත් වෙල්ලාලගේ 52 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ද, පසුබැස තිබෙනවා.

මේ අතර, එක්දින පිතිකරුවන් අතර 7 වැනි ස්ථානය පැතුම් නිස්සංකටත්, 12 වැනි ස්ථානය චරිත් අසලංකටත්, 36 වැනි ස්ථානය කුසල් මෙන්ඩිස්ටත් තවදුරටත් හිමිව ඇති අතර, සධීර සමරවික්‍රම සම 45 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ජනිත් ලියනගේ 62 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස ඇති අතර, අවිශ්ක ප්‍රනාන්දු 63 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානය දක්වා පියවරකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු කමිදු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

දිමුත් කරුණාරත්න 16 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස ඇති අතර, ධනංජය ද සිල්වා 17 වැනි ස්ථානයේ රැදී සිටිනවා. දිනේෂ් චන්දිමාල් 19 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ද, ඇන්ජෙලෝ මැතිව්ස් 23 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන් අතර ප්‍රභාත් ජයසූරිය තවදුරටත් සම 6 වැනි ස්ථානයේ රැදී සිටින අතර, අසිත ප්‍රනාන්දු 13 වැනි ස්ථානය දක්වා එක් පියවරකින් පසුබැස තිබෙනවා.

නවතම අයි.සී.සී ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පළමු ස්ථානය ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රාට අහිමි වී තිබෙනවා. ඒ අනුව මෙතෙක් සිව්වැනි ස්ථානයේ රැදී සිටි දකුණු අප්‍රිකාවේ කාගිසෝ රබාඩා නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත්ව ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ. බුම්රාට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

2019 වසරෙන් පසුව පළමු වරටයි රබාඩා ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්වල පළමු ස්ථානය මෙලෙස හිමි කර ගෙන ඇත්තේ. බංග්ලාදේශය සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 9ක් දවා ගනිමින් ඔහු දැක් වූ සුපිරි දක්ෂතා මීට හේතු වී තිබෙනවා.

ආර්. අශ්වින් ද සිව්වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස ඇති අතර, ජොෂ් හේසල්වුඩ් දෙවැනි ස්ථානය දක්වා එක් පියවරක් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, ටෙස්ට් පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ඉන්දියාවේ යශස්වි ජයිවාල් සමත්ව තිබෙනවා. සවුද් ශකීල් 7 වැනි ස්ථානය දක්වා ස්ථාන 20 කින් ද, රචින් රවීන්ද්‍ර 10 වැනි ස්ථානය දක්වා ස්ථාන 8 කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

රිෂාබ් පාන්ට් 11 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් පසුබැස ඇති අතර, විරාත් කෝලි 14 වැනි ස්ථානය දක්වා ස්ථාන 6කින් පසුබැස ඇති බව අයි.සී.සීය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...