ඔස්ට්‍රේලියානු ප්‍රධාන පුහුණුකරුගේ ධූර කාලය දීර්ඝ කෙරේ

Date:

ඔස්ට්‍රේලියානු ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෘ මැක්ඩොනල්ඩ්ගේ ධූර කාලය 2027 වසර අවසානය දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව 2027 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී මෙන්ම 2025-27 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දී ද කණ්ඩායමට මග පෙන්වීමේ වගකීම පැවරී ඇත්තේ ඔහුටයි.

මැක්ඩොනල්ඩ් 2022 වසරේ දී පළමු වරට පුහුණුකරු ලෙස පත් කරන විට ඔහු ගිවිසුම්ගත වූයේ 2026 වසරේ මැද භාගය වන තුරුයි.

ඒ අනුව ඔහු 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ධූරයෙන් ඉවත් වීමටයි නියමිතව තිබුණේ.

2022 වසරේදී ජස්ටින් ලැන්ගර්ගෙන් පසුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය භාර ගත් මැක්ඩොනල්ඩ් 2023 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය හා එක්දින ලෝක ශූරතාවය ඔස්ට්‍රේලියාවට දිනා ගැනීම සදහා මග පෙන්වනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...