වසර 28 කට පසු සිම්බාබ්වේ දේශයේදී බොක්සිං දින ටෙස්ට් තරගයක්

Date:

වසර 28 කට පසුව සිම්බාබ්වේ දේශයේදී බොක්සිං දින ටෙස්ට් තරගයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය අතරතුරදීයි.

මෙම තරග සංචාරය සදහා විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් මෙන්ම ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

ටෙස්ට් තරග දෙකම බුලවායෝහීදී පැවැත්වීමට නියමිත අතර, පළමු වරට එරටදී පැවැත්වෙන නව වසරේ ටෙස්ට් තරගය ද (New Year’s Test) මෙම සංචාරයේදී පැවැත්වීමට නියමිතයි.

මීට පෙර සිම්බාබ්වේ දේශයේ දී පැවැති එකම බොක්සිං දින ටෙස්ට් තරගය 1996 වසරේ දී එංගලන්තයට එරෙහි හරාරේහීදී පැවැති අතර, වර්ෂාවෙන් බාධා එල්ල වූ එම තරගය ජය පරාජයෙන් තොරව නිමා වුණා.

ඇෆ්ඝනිස්තානය හා සිම්බාබ්වේ අතර මීට පෙර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් 2021 වසරේ දී අබුඩාබිහීදී පවත්වා තිබුණා. එම තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් නිමා වුණා.

Schedule –

  • Dec 9 – 1st T20I, Harare
  • Dec 11 – 2nd T20I, Harare
  • Dec 12 – 3rd T20I, Harare
  • Dec 15 – 1st ODI, Harare
  • Dec 17 – 2nd ODI, Harare
  • Dec 19 – 3rd ODI, Harare
  • Dec 26-30 – 1st Test, Bulawayo
  • Jan 2-6 – 2nd Test, Bulawayo

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...