ජේකොබ් බෙතෙල් නම් කරමින් එංගලන්ත ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

Date:

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.
සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ජේකොබ් බෙතෙල් නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

21 හැවිරිදි ඔහු මෑතකදී ඔස්ට්‍රේලියාව සමග පැවැති විස්සයි 20 හා එක්දින තරගාවලියේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් නමුත්, ටෙස්ට් සංචිතයට ඔහුව කැදවූ පළමු අවස්ථාව මෙයයි.

කඩුලු රකින ක්‍රීඩක ජෙමී ස්මිත් හා ඔහුගේ බිරිද ඔවුන්ගේ පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින් ස්මිත් මෙම තරග සංචාරයට එක් වන්නේ නැහැ.

ඒ අනුව ඔහු වෙනුවට ජෝර්ඩන් කොක්ස් මෙම සංචාරයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතයි.

ලකුණු අතරට පිවිසීමට නොහැකිව සිටින ඔලී පෝප් තවදුරටත් ටෙස්ට් සංචිතයේ සිය ස්ථානය රැක ගෙන සිටින අතර, ෂොයිබ් බෂියර්, ජැක් ලීච් හා රෙහාන් අහ්මඩ් යන දග පන්දු යවන්නන් තිදෙනාම සංචිතයට ඇතුළත්.

පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 27 වැනිදා ක්‍රයිස්චර්ච්හීදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

England squad for Test series against New Zealand:

Ben Stokes (c), Rehan Ahmed, Gus Atkinson, Shoaib Bashir, Jacob Bethell, Harry Brook, Bryson Carse, Jordan Cox, Zak Crawley, Ben Duckett, Jack Leach, Ollie Pope, Matthew Potts, Joe Root, Olly Stone, Chris Woakes.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...