චමරිගේ සිඩ්නි පරදා හෝබාර්ට් කණ්ඩායමට ලකුණු 31 ක ජයක්

Date:

ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයෙන් සිඩ්නි තන්ඩර් කණ්ඩායම පරදා ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම අද(28) සමත් වුණා.

හෝබාර්ට්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් හරිකේන්ස් පිල කඩුලු 7 ක් දැවී ලකුණු 141 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි පිලට පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 110 ක් පමණයි.

සිඩ්නි ඉනිමේ පළමු පන්දුවෙන්ම ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු දැවී ගියා (දර්ශන පහතින්). කෙසේ වෙතත්, පළමුව පන්දුවට පහරදුන් හරිකේන්ස් ඉනිමේ කඩුලු දෙකක් දවා ගැනීමට චමරි සමත් වුණේ ලකුණු 26 ක් ලබා දෙමින්.

හෝබාර්ට් ඉනිම වෙනුවෙන් Nicola Carey ලකුණු 52(38) ක් ලබා ගත්තා. චමරිට අමතරව සාර්ථක පන්දු යැවීමක නිරත වූ Samantha Bates ලකුණු 20 කට බිද හෙලූ කඩුලු ගණන 3 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි කණ්ඩායම වෙනුවෙන් Phoebe Litchfield ලකුණු 51(37) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Heather Graham ලකුණු 19 කට කඩුලු 3 ක් ද, Lauren Smith හා Chloe Tryon කඩුලු 2 බැගින් ද දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...