වෝනර්ට පැනවුණු ජීවිතාන්තය දක්වා වූ තහනමක් ඉවතට

Date:

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් හිටපු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්ට පනවා තිබූ ජීවිතාන්තය දක්වා වූ නායකත්ව තහනම ඉවත් කිරීමට ඒ සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදු කළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් චර්යා කොමිසම (Cricket Australia’s Conduct Commission) තීරණය කර ඇති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඊයේ (25) නිවේදනය කළා.

ඒ අනුව ඔහුට ඉදිරියේදී සිය බිග් බෑෂ් ලීග් කණ්ඩායම වන Sydney Thunder කණ්ඩායමේ නායකත්වය දැරීමේ අවස්ථාව හිමි වනවා.

2018 වසරේදී කේප් ටවුන්හීදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියට වරදකරුවෙකු වීම හේතුවෙනුයි එවකට උප නායකයා වූ වෝනර්ට නායකත්ව තහනමක් ජීවිතාන්තය දක්වා පනවා තිබුණේ. ඊට අමතරව ඔහුට වසරක ක්‍රිකට් තහනමක් ද පැනවුණා.

එම සිද්ධිය වන විට කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ස්ටීව් ස්මිත්ට ද වසරක ක්‍රිකට් තහනමක් හා මාස 12ක නායකත්ව තහනමක් පනවා තිබුණා. එම සිද්ධියට සම්බන්ධ වූ කැමරන් බැන්ක්‍රොෆ්ට් හට ක්‍රිකට් තහනමක් පනවා තිබුණේ මාස 9ක කාලයක් සදහායි. ඔහුට ද වසරක නායකත්ව තහනමක් පැනවුණා.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආචාර ධර්ම පද්ධතියට 2022 වසරේ දී සංශෝදන කිහිපයක් සිදු කෙරුණු අතර, ඒ අනුව වෝනර්ට එරෙහිව පනවා ඇති තහනම වහාම ඉවත් කිරීම සදහා ඔහු විසින් සියලු නිර්ණායක සපුරා ඇති බව මේ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කළ ත්‍රිපුද්ගල මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...