ස්මිත්ගෙන් 89 ක් – සජිඩ්ගෙන් කඩුලු 6ක් ; පාකිස්තානය ලකුණු 194 ක් පිටුපසින්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(24) රාවල්පින්ඩිහීදී ආරම්භ වුණා.

පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 73 ක්. ඒ, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 267 ට පිළිතුරු ලෙසයි.

ශාන් මසූඩ් හා සවුද් ශකීල් නොදැවී ලකුණු 16 බැගින් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 14 කටත්, සයීම් අයුබ් ලකුණු 19 කටත්, කම්රන් ගුලාම් ලකුණු 3කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ජැක් ලීච්, ගස් ඇට්කින්සන් හා ශොයිබ් බෂියර් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ ජෙමී ස්මිත්. ඔහු ලකුණු 89 ක් ලබා ගත්තේ හයේ පහර 6ක් හා හතරේ පහර 5ක් සමගින්.

ලකුණු 118 දී 6 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව ස්මිත් හා ගස් ඇට්කින්සන් එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 105 (165) සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. ඇට්කින්සන් ලකුණු 39 යි.

ආරම්භක පිතිකරුවන් වූ බෙන් ඩකට් ලකුණු 52 ක් හා සැක් ක්‍රව්ලි ලකුණු 29 ක් රැස් කළා. පන්දු යැවීමේ දී සජිඩ් ඛාන් ලකුණු 128 කට කඩුලු හයක් දවා ගත් අතර, නෝමන් අලී ලකුණු 88 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

මේ වන විට පාකිස්තානය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 194 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...