Watch : නවසීලන්තය අසරණ කරමින් සුන්දර් දවා ගත් කඩුලු 7

Date:

නවසීලන්තය සමග අද(24) පූනේහීදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී අනර්ඝ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 7ක් දවා ගැනීමට ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක වොෂින්ටන් සුන්දර් සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 259 ක් රැස් කළ අතර, දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 16 ක් ලබා සිටියා. ඒ අනුව ඉන්දියාව මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 243 ක්.

නවසීලන්ත ඉනිමට ප්‍රබල අභියෝගයක් එල්ල කළ සුන්දර් කඩුලු 7ක් දවා ගත්තේ ලකුණු 59 ක් ලබා දෙමින්.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ රචින් රවීන්ද්‍ර, ඩැරල් මිචෙල්, ටොම් බ්ලන්ඩල්, ග්ලේන් පිලිප්ස්, මිචෙල් සැන්ට්නර්, ටිම් සවුති හා අජාස් පටෙල් යන ක්‍රීඩකයින්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...