සුපිරි පන්දුවාර දෙකකට මග පෑදූ ජෝඩන්ගේ අපූරූ දිවිල්ල

Date:

මෙවර අයි.පී.එල්. තරගාවලියේ 36 වන තරගය ඊයේ (18) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අවසන් වුනේ ක්‍රිකට් නරඹන්නන්‍ට පෙර අත් නොවිඳි ආශ්වාදජනක අත්දැකීමක් ලබාදෙමින්.

මුම්බායි ඉන්දියන් කණ්ඩායම හා කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම අතර පැවති මෙම තරගය ලකුණු සමවීම නිසා ජයග්‍රහණය තීරණය කිරීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදුවුණා.

එම සුපිරි පන්දුවාරය ද ලකුණු සමව අවසන් වීම නිසා නව ක්‍රිකට් නීති ප්‍රකාරව ජයග්‍රහණය තීරණය කිරීම වෙනුවෙන් තවත් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වුණා.

එම සුපිරි පන්දුවාරයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූ කිංග්ස් එලෙවන් පංජාබ් කණ්ඩායම, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේම රඳවා තැබීමට කටයුතු කළා.

පළමුවෙන් තරගයේ ලකුණු සම වූ අවස්ථාවේ අවසන් පන්දුවට කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු දෙකක් අවශ්‍යව තිබුණා.

එහිදී පිතිකරණයේ නියැලෙමින් සිටි ක්‍රිස් ජෝඩන් දුර්වල අයුරින් කඩුලු අතර දිව යාම නිසා ඔහුව දුවද්දී දවාගැනීමට මුම්බායි කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ක්වෙන්ටන් ඩී කොක් සමත් වුණා.

පහසුවෙන් දෙවන ලකුණ ද සම්පූර්ණ කිරීමට තිබූ අවස්ථාව ක්‍රිස් ජෝඩන්ගෙන් ගිලීහී ගියේ අත්වැරදීමක් නිසා ඔහුට අමතර මීටර් කිහිපයක දුරක් ද දිව යාමට සිදු වීම හේතුවෙන්.‍

එම අවස්ථාවට අදාළ දර්ශන නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න

කෙසේ වෙතත්, අවසානයේ ප්‍රේක්ෂකයන් වෙත අපූරූ තරග අත්දැකීමක් ලබාදීමට එම සිදුවීම හේතු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...