වොෂින්ටන් සුන්දර් පැරදුණු ඉන්දීය සංචිතයට කැදවයි

Date:

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරග සදහා වන ඉන්දීය සංචිතයට වොෂින්ටන් සුන්දර් කැදවා තිබෙනවා.

සංචිතයේ 16 වැනි ක්‍රීඩකයා ලෙස ඔහුව නම් කර ඇති අතර, වෙනත් කිසිදු වෙනසක් සංචිතයට සිදු කිරීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන නැහැ.

ඉරිදා දිනයේ දී නවසීලන්ත කණ්ඩායම බැංගලූරුහී දී ඉන්දියාව පරදා පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු අටක ඓතිහාසික ටෙස්ට් ජයක් වාර්තා කළා.

නවසීලන්තය ඉන්දියාවේ දී ලැබූ තෙවැනි ටෙස්ට් ජය එය වන අතර, 1988 වසරෙන් පසුව ඉන්දියාවේ දී ඔවුන් ලැබූ පළමු ටෙස්ට් ජය වන්නේ ද එයයි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය පූනේහී දී ඔක්තෝබර් 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි. අවසන් තරගය මුම්බායිහීදී ආරම්භ වන්නේ නොවැම්බර් පළමු වැනිදායි.

India squad for the second and third Tests against New Zealand

Rohit Sharma (c), Jasprit Bumrah (vice-capt), Yashasvi Jaiswal, Shubman Gill, Virat Kohli, KL Rahul, Sarfaraz Khan, Rishabh Pant (wk), Dhruv Jurel (wk), Ravichandran Ashwin, Ravindra Jadeja, Axar Patel, Kuldeep Yadav, Mohd. Siraj, Akash Deep, Washington Sundar.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...