බංග්ලාදේශය 106 කට දැවී යාමෙන් පසු තයිජුල්ගෙන් කඩුලු පහක්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(21) මීර්පූර්හී දී ආරම්භ වුණා.

පළමු දිනයේ දී කඩුලු 16ක් බිද වැටුණූ අතර, දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු හයක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 140 ක්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණයි.

මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 30 ක් ද, තයිජුල් ඉස්ලාම් ලකුණු 16 ක් ද, මෙහිදි හසාන් මිරාස් ලකුණු 13 ක් ද, මුෂ්ෆිකර් රහීම් ලකුණු 11 ක් ද රැස් කළා. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාවට ළගා වූයේ නැහැ.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා, වියාන් මෝල්ඩර් හා කේෂාව් මහරාජ් කඩුලු 3 බැගින් බිද හෙලුවා. රබාඩා අද දිනයේ දී සිය 300 වැනි ටෙස්ට් කඩුල්ල ද දවා ගැනීම විශේෂත්වයක්.

දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිමේ මෙතෙක් වැඩිම ලකුණුලාභියා වී ඇත්තේ ලකුණු 30 කට දැවී ගිය ටෝනි ද සෝර්සි. රයන් රිකල්ටන් ලකුණු 27 ක් ද, ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 23 ක් ද රැස් කළා. ක්යල් වෙරෙයන් නොදැවී ලකුණු 18 ක් හා වියාන් මෝල්ඩර් නොදැවී ලකුණු 17 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් ලකුණු 49 කට කඩුලු 5 ක් දවා ගත්තා.

මේ වන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 34 ක්.

v

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...