Watch : ශකිබ් හිතවාදීන්ට ශකිබ් විරෝධීන් මීර්පූර් ක්‍රීඩාංගනයෙන් පිටතදී පහර දෙයි

Date:

ශකිබ් අල් හසාන් හිතවාදී පිරිසක් හා ශකිබ් අල් හසාන් විරෝධී පිරීසක් අතර ඩකා නුවර මීර්පූර්හි Shere Bangla ජාතික ක්‍රීඩාංගනයෙන් පිටත ඉරිදා දිනයේ දී ගැටුමක් හට ගෙන තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වීමට නියමිතව තිබූ පසුබිමකයි.

ශකිබ් අල් හසාන්ට හිතවත් පිරිස ඔහුව යළි ටෙස්ට් සංචිතයට ඇතුළත් කරන ලෙස ඉල්ලමිනුයි උද්ඝෝෂණයේ නිරත වී ඇත්තේ.

දකුණු අප්‍රිකා කණ්ඩායම මීර්පූර් ක්‍රීඩාංගනයේ දී පුහුණුවීම්වල නිරතව සිටියදී ක්‍රීඩාංගනයෙන් පිටත ශකිබ් හිතවාදී හා ශකිබ් විරෝධී පිරිස් අතර මෙම ගැටුව සිදුව ඇති බව සදහන්.

ගැටුමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී ඇති බවක් වාර්තා වන්නේ නැහැ.

කෙසේ වෙතත්, ආරක්ෂක අංශ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතයට පළමුව ශකිබ් අල් හසාන් නම් කර තිබූ අතර, ඒ අනුව එම තරගය ඔහු ක්‍රීඩා කරන සිය ටෙස්ට් දිවියේ අවසන් තරගය බවට පත් වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, ජනතා විරෝධය හමුවේ අගෝස්තු මාසයේ බිද වැටුණු බංග්ලාදේශයේ අවාමි ලීග් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වූ ශකිබ් අල් හසාන් ටෙස්ට් සංචිතයට නම් කිරීමට විරෝධය පල කරමින් පිරිසක් විරෝධතා පැවැත්වීමත් සමග ශකිබ් බංග්ලාදේශයට පැමිණීමෙන් වැළකී සිටීමට තීරණය කළා.

ඔහු නිව් යෝර්ක් නුවර සිට ඩුබායි හරහා බංග්ලාදේශය බලා පැමිණෙමින් සිටි අතර, ඩුබායි නුවර දී ඔහු තීරණය කළේ පවතින තත්ත්වය මත බංග්ලාදේශයට පැමිණීමෙන් වැළකී සිටීමටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...