වසර 36 කට පසු නවසීලන්තයට ඉන්දියාවේ දී ටෙස්ට් ජයක්

Date:

වසර 36 කට පසුව පළමු වරට ඉන්දියාවේ දී ටෙස්ට් තරගයක් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(20) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කරමින්.

බැංගලූරුහී දී පැවැති තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 107 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 110 ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

ඊයේ දිනය නිමා වන විට නවසීලන්ත ඉනිමේ පන්දු 4 ක් පමණක් යොමු කර තිබූ අතර, එම පන්දුවාරයේ අවසන් පන්දුවේ දී ජස්ප්‍රිට් බුම්රා විසින් ලකුණු නොලබා සිටි ටොම් ලේතම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට අද පෙරවරුවේ සමත් වුණා.

අනතුරුව ඩෙවෝන් කොන්වේ හා විල් යන්ග් දෙවැනි කඩුල්ලට ලකුණු 35 (69) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් නවසීලන්ත හඹා යාම ස්ථාවර කළා. කොන්වේ ලකුණු 17 කට දැවී ගියේ ද බුම්රාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීම හේතුවෙනුයි.

ඔහුගේ දැවී යාමෙන් පසුව යන්ග් සමග පිටියේ එක් වූ රචින් රවීන්ද්‍ර තෙවැනි කඩුල්ලට ලකුණු 75* (92) ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමින් නවසීලන්තයට ඓතිහාසික ජයක් උරුම කර දුන්නා. විල් යන්ග් නොදැවී ලකුණු 48 ක් හා රචින් රවීන්ද්‍ර නොදැවී ලකුණු 39 ක් රැස් කළා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 46 ක් පමණක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 402 ක්. අනතුරුව ඉන්දියාව දෙවැනි ඉනිමට ලකුණු 462 ක් රැස් කළා.

නවසීලන්ත කණ්ඩායම ඉන්දියාවේ දී ලැබූ දෙවැනි ටෙස්ට් ජය ලෙසයි මෙය ඉතිහාසගත වුණේ. මීට පෙර ඔවුන් 1988 වසරේ දී මුම්බායිහී දී හා 1969 වසරේ දී නාග්පූර්හී දී ටෙස්ට් තරගය බැගින් ජය ගෙන තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...